Tuesday, December 11, 2012

පළමු ආදරය

අපේ ජීවිතේ සුන්දරම කාලය අපේ ළමා කාලය කියල කිව්වොත් හැමෝම ඒක පිලිගන්නවා ඉතින් මම මේ කියන්න යන්නේ මගේ ළමා කාලයේදී අදුනගත්ත මගේ ජීවිතේ ගොඩක්ම ලගින් හිටපු කෙනෙක් ගැන. ඒත් ඒ අපේ ළමා කාලය, දැන් අපි වයස අවුරුදු 19ක්  වෙන තරුණ වයසේ පසු වෙන කොල්ලෙක් සහ එයා ඒ වයසේම ලස්සන කෙල්ලෙක්, ඇත්ත නම මට කියන්න විදිහක් නෑ ඒ නිසා මම එයාව උශිනී   කියල නම් කරන්නම්, ඉතින් මෙතන ඉදන් පටන් ගන්නවා මගේ ජීවිතේ මම වැඩියෙන්ම ආදරේ කරපු කෙනා ගැන ඔයාලත් එක්ක කියල මට දැනෙන දුක අඩු කරගන්න,

                                 මේ කතාව පටන් ගන්නේ මීට අවරුදු 10 කට විතර කලින් උශිනි  ගේ  ගෙදර තියෙන්නේ අපේ ගෙදර ඉදන් ගෙවල් 3ක දුරින් උශිනී  ගේ ගෙදර ඉන්නේ එයාගේ  අම්මයි තාත්තයි නංගියි අයියයි එයයි, ඉතින් මම මුලින්ම උෂිනි ව අදුනගත්තේ මම ඉස්කෝලේ 4 වසරේ ඉන්නකොට ඒ කියන්නේ අපි දෙන්නටම  වයස අවරුදු 9ක් විතර  අපි දෙන්නම ගියේ ලංකාවේ ප්‍රධාන පෙලේ පාසල් දෙකකට ඒ වගේම උෂිනි ගේ අයියත් ගියේ මමත් මගේ අයියත් ගිය පාසලටමයි ඉතින් අපේ ගෙවල් අතර හොද සම්බන්ධයක් තිබුන එදා ඉදන්ම,

අපි දෙන්න පොඩි කාලේ  tution පන්ති ගියේ එකට අපිට පන්ති තිබුනේ හවස 6 ඉදල රෑ 9 වෙනකන් ඉතින් හැම සතියකම අපි උෂිනි ගේ අම්ම එක්ක පන්තියට යන්නේ, එයාගේ තාත්ත doctor  කෙනෙක් ඉතින් uncle එයාගේ dispensary එක වහල එන ගමන් ඇවිත් අපිව class එකෙන් ගන්නවා,ඒ දවස් වල එයත් එක්ක බැදුණු මතකයන් ගොඩක් තියෙනවා, 
ඉතින් ඔය විදිහට කාලය ගෙවිල යනකොට අපි 5 වසරටත් ආව ඒ කියන්නේ 2003, 
2003 මැයි  මාසේ වෙනකොට අපිට සිද්ද උනා අපේ ගෙදරින් අපේ තාත්තගෙ  මහ ගෙදරට පදීන්චිය  මාරු කරන්න ඒ දවස් වල මට ඒක එතරම් දැනුනේ නැ එත් පදිංචිය වෙනස් උනාට පස්සේ මට උෂිනි නැති අඩුව ගොඩක් දැනුන ඊට පස්සේ අවුරුදු ගානක් යනකන් මට එයාව දකින්න ලැබුනේ කලාතුරකින් එකත් අවරුද්දකට එක පාරක් වගේ, ඉතින් ඔහොම කාලය ගෙවිල යනකොට අපි O/L exam  එකත් කලා  exam ඉවර උනාට පස්සේ අපේ ගෙදරින් තීරණය කලා ආපහු අපේ පරණ ගෙදරටම පදිංචියට යන්න ඉතින් ආපහු පාරක් අපි අපේම ගෙදරට පදිංචියට ආව, ඒ ගත වුන  අවරුදු 7 ටම උෂිනි ට පස්සේ කිසිම කෙල්ලෙක් එක්ක මගේ මිත්‍රත්වයක් තිබුනේ නෑ  ඇත්තටම උෂිනි ට පස්සේ මම වෙන කිසිම කෙල්ලෙක් එක්ක වචන 3 කට එහා කතා කරලා නෑ, ඉතින් ආපහු පරණ ගෙදරටම ආපහු ආවට පස්සේ අව්රුද්දක් විතර යනකන් මම උෂිනි ව හරියට දැක්කේ නැ, O/L වලින් පස්සේ මම A/L වලට තෝරාගත්තේ Maths  ඒ වගේම එය commerce ඒ නිසා class එකකදිවත් මට එයාව දකින්න ලැබුනේ නෑ,   
එත් මුල ඉදන්ම මට උෂිනි ගැන පොඩි අදහසක් තිබ්බ  ඒ නිසා මට අවශ්‍ය උන ආපහු පරණ   විදිහටම එයත් එක්ක යාළුකම පවත්වන්න එත් සමාජය ගැන තරමක් දුරට දැනීමක් තියෙන නිසා මම ඒකට පස්ස ගැහුවා මොකද මිනිස්සු කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර තියෙන මිතුරුකම දිහා බලන්නෙත් වැරදි විදිහට එකෙන් මට වැඩිය උෂිනිට බලපාන්න පුළුවන් ඒ නිසා මම බය උනා, ඉතින් ඔහොම තව අවුරුදු 1 1/2ක් විතර ගත උනා ඒ වෙනකොට ඕනෙනම් මම උෂිනිව දෙපාරක් දකින්න ඇති එත් කතා කරන්න ගියේ නෑ මොකද ඒ හැම පාරකම එයාව දැක්කේ එය Class  ඉවර වෙලා ගෙදර එනකොට ඉතින් එයත් එක්ක කතා කරන්න ගියොත් අනිත් මිනිස්සු ඒ ගැන කොයි  විදිහට දකියිද කියන හේතුව නිසා  මම එය එක්ක කතා කලේ නැ, ඉතින් දවසක් එදා හරියටම 2011 ඔක්තෝබර් 29 එදා අපේ ගෙදර දානයක් තිබුන එදා තමයි මම උෂිනි ව හරියටම දැක්කේ එයා හරිම ලස්සනයි ඒ වෙලාවේ ඉදන් මට මොනවාද දෙයක් වෙන්න ගත්ත මට එක තේරුම් ගන්න බැරි උනා එත් සතියක්  විතර යනකොට මට තේරුණා මට එයා  ගැන ආදරයක් ඇති වෙලා කියල  මොකද මට හැම තැනකම පෙන්නේ එයාව දකින දකින ගොඩක් කෙල්ලෝ මට පෙන්නේ උෂිනි වගේ ජීවිතේදී කවදාවත් ආදරේ කරලා නැති මගේ හදවතේ දොරවල් උෂිනි වෙනුවෙන් සදහටම ඇරුන, මම හිතාගත්ත කොහොම හරි මේ දේ උෂිනි ට කියනවා කියල එත් ලොකු ? පේලියක්  මන් ඉස්සරහ  හිටගත්තා
උෂිනි මට කැමති වෙයි ද?
එයා  අකමැති වෙලා මේ ගැන එයාගේ අම්මට කියල ප්‍රශ්නයක් වෙයි ද?
මේකට අපේ ගෙවල් වලින් කැමති වෙයි ද? 

මේ හැම ප්‍රශ්නයක් එක්ක මගේ ජීවිතේ අව්රුද්දක කාලයක් එයා  ගැන හිතමින් ගෙවිල ගියා අන්තිමට මට එය එක්ක චැට් කරන්න ක්‍රමයක් ලැබුන ඒ face book එකෙන් අපි මාසයක් විතර චැට් කලා මාසයක් විතර චැට් කලට පස්සේ මම මේ කතාවේ ඔක්තෝබර් 29 ඉදන් කතාව කිව්වා, එත් මම  කිව්වේ නෑ ඒ කියන්නේ එයා  ගැන කියල

 එයා  ඇහුව නම මොකක්ද? එස්කොලේ මොකක්ද? අපේ වයසේද ?
ඊට පස්සේ මම එයාව පොරොන්දු කරවගත්ත මේ ගැන කිසි කෙනෙකුට කියන්නේ නෑ  කියල, ඊටත් පස්සෙයි මම කිව්වේ මම මෙච්චර වෙලා කිව්වේ එයා ගැන කියල එය කලබල වෙලා ඇහුව bite එකක් නේද කියල එත් නෑ  මම එයාට අව්රුද්දක් තිස්සේ හිතින් ආදරේ කරනවා මම කිව්වා මම serious කියල එතනින් එහාට උන දේවල් නිසා අද වෙනකොට මගේ ජීවිතේ ටිකක් වෙනස් උනා එයාගේ උත්තරය  උනේ "ane halo sorrry bt i hv someone i lyk.katawat kiyanna epa harida?attatama sorry"

මම කාටවත් කියන්නේ නෑ  උෂිනි ඔයා  පරිස්සමෙන් ඉන්න
 ජීවිතේ පලවෙනි පාරට කරපු ආදරයෙන් පාරාද  උන අය ඕන තරම් ඇති එත් අව්රුද්දක් තිස්සේ කෙනෙක් වෙනුවෙන් හීන දැකල එක පාරට ඒ හීන සේරම විනාස වෙලා යනකොට දැනෙන වේදනාව මම අත්වින්ද  
 සමහර විට මම පරක්කුයි නැත්නම් එයා  මට කැමති නෑ ඒ මොනවා උනත් මම අවුරුද්දකට වැඩි කාලයක් එයාට ගොඩක් ආදරේ කලා මගේ පලවෙනි ආදරේ මට ඒක කවදාවත් අමතක කරන්න බැහැ මොනවා උනත් මම එයා  වෙනුවෙන් බලන් ඉන්නවා  මගේ මුළු ජීවිත කාලයම උනත් බලන් ඉන්නවා, 
 
එයා එදා සිද්දියෙන් පස්සේ මගේ message එකකටවත් reply  කලේ නැ ඒකට හේතුව මම දන්නේ නෑ අඩුම ගානෙ එයාmessage එකක්වත් open  කරලවත් නෑ, 
මට සමහර විට මේ ගැන එයාට  පහු වෙලා කියන්න තිබුන එහෙම උනානම් අදටත් එයා මාත් එක්ක පරණ විදිහටම යාලුවෙක් විදිහට හරි කතා කරනවා සමහර දේවල් රහසක් විදිහටම තියෙන එක හොදයි,  කවද හරි දවසක එයාmessage එක බලයි ඒ දවස වෙනකන් මම බලන් ඉන්නවා
මම හැමදාටම ඔයාට ආදරෙයි.